පළමු වාර පරීක්ෂණය පවත්වන ආකාරය පිළිබද දැනුවත් කිරීම. -2020 විශේෂ දැනුවත් කිරීම.



මිත්‍රත්වයේ දෙමාපියනි,
6 ශ්‍රේණියේ දියණියන් වෙනුවෙන් පවත්වනු ලබන පළමු වාර පරීක්ෂණය නිවසේ සිටම සිදුකල යුතුය. ඒ සදහා පහත දක්වා ඇති අනුපිලිවලට දරුවන් හට පහසුකම් සලසා දෙන්න. එමෙන්ම ඔබ අධීක්ෂක වරයකු ලෙස ප්‍රශ්න පත්‍රය ලියා අවසන් වන තුරු දරුවාට සහය වන්න. ප්‍රශ්න පත්‍ර නිකුත් කරනු ලබන කාල සටහන ඉදිරියේදී මෙම අධ්‍යාපන අවකාශය තුල ඇතුලත් කරනු ලබන අතර පහත උපදෙස් පිළිපැදීමට කාරුණික වන්න.

  • ෆියිල්  කවරයක් ගෙන "පළමු  වාර පරීක්ෂය -2020" ලෙස සටහන් කර  පිළිතුරු පත්‍ර එකතු කිරීමට සකසා ගන්න. දරුවා ලියනු ලබන සියලු පිළිතුරු පත්‍ර මෙහි එක්රැස් කර තබා පාසල් එන මුල් දිනයේම පන්තිභාර ගුරුතුමිය වෙත ලැබීමට සලස්වන්න.
  • පිළිතුරු ලිවීම සදහා භාවිතා කරනු ලබන කොලයේ පළමුව පහත කරුණු ඇතුලත් කරන්න.
  • නිවැරදි ප්‍රශ්න අංකය සදහන් කර පිළිතුරු ලියන්න. ( ප්‍රශ්න ලිවීම අවශ්‍ය නොවේ. ඔබට මෙහි දැක්වෙන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරගත හැකිනම් එහිම පිළිතුරු ලිවීම කල හැකි අවස්ථා තිබෙනු ඇත. නමුත් එය අනිවාර්ය නොවන බව මතක තබා ගන්න. මේ මොහොතේ ඔබට කළහැකි හොදම දෙය ඔබ වැඩිහිටියකු ලෙස තීරණය කරන්න.)
  • විභාග කාලසටහන නිකුත් කල පසු දිනකට ප්‍රශ්න පත්‍ර දෙක බැගින් උදය හා හවස් වරු යොදා ගනිමින් දරුවාට ලබා දී ඔබ අධීක්ෂණය කරන්න.
  • පැයක කාලය අවසන් වූ පසු  ප්‍රශ්න පත්‍ර ගෙන දිනය ආරම්භක වෙලාව හා අවසන් වෙලාව සටහන් කර ඔබගේ අත්සන යොදා ෆයිල් කවරයට ඇතුලත් කර සුදුසු පරිදි ඔබ විසින් සුරැකිව තබාගන්න.
  • මෙලෙස දරුවාගේ සියලු ප්‍රශ්න පත්‍ර කරවා පිළිතුරු පත්‍ර සුරැකිව පන්ති භාර ගුරුතුමිය වෙත ලැබීමට සලස්වන්න.
  • මෙම කාර්යේදී ඔබ අවංකවම මෙම වාර පරීක්ෂණය නිවසේදී සිදු කිරීමට වග බලා ගන්න. එමගින් ඔබගේ දරුවාට වඩා හොද  ඇගයීමක් හා තක්සේරුවක් ලබාදීමට හැකිවනු ඇත.
  • ඔබ ප්‍රදේශයේ සිටීනා අප පාසලේ දියණියන් මේ පිලිබදව දැනුවත් කිරීමට වගබලා ගන්න.
  • මෙම පරීක්ෂණ පිළිබඳ ඔබගේ අදහස් හා යෝජනා පහලින් සදහන් කරන්න. එවිට වඩා පලදායී ඉගැනුම් ක්‍රමවේදයක් ඔබගේ දරුවාට සැපයීමට අපට හැකිවනු ඇත.
  • ඔබ මෙම කාර්යේදී අපවෙත සහයෝගය දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
6 ශ්‍රේණි සමායෝජක වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය 


Post a Comment

0 Comments