6 ශ්‍රේණියේ මිත්‍රත්වයේ දෙමාපියනි,
පහත පණිවිඩය ඔබ ප්‍රදේශයේ 10 හා 11 ශ්‍රේණි වල දියණිවරුන් වෙත දැනුම්දීමට කාරුණික වන්න.
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් පවත්වන 10 හා 11 ශ්‍රේණි වල දරුවන් සදහා වූ වාර පරීක්ෂණය සදහා වූ ප්‍රශ්න පත්‍ර පාසල වෙත ලැබී ඇත. එම ප්‍රශ්න පත්‍ර 2020-06-03 වැනි බදාදා දින පාසල් මුර කුටියෙන් එම දරුවන්ගේ දෙමාපිය හෝ භාරකරුවෙකුට ලබාගත හැක. පහත උපදෙස් අනුව පැමිණ එම ප්‍රශ්න පත්‍ර ලබාගන්නා ලෙස එම දරුන් දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
විදුහල්පති,
ශ්‍රී ලංකා සිංගප්පුරු මිත්‍රත්ව බාලිකා ජාතික පාසල
- 2020-06-03 දින පෙ.ව. 8.00 පසු මේ සදහා පැමිණිය යුතුය.
- පාසලට පැමිණි පසු ඔබට ලබාදෙන උපදස් වලට අනුව ක්‍රියාත්මක වීම සදහා ඔබ නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිබදව දැනුවත් වන්න.
- මව හෝ පියා හෝ භාරකරු යන අයගෙන් එක් අයකු පමණක් නියමිත සෞඛ්‍ය උපදෙස් වලට අනුව පැමිණිය යුතු වේ. ( දරුවන් රැගෙන එමෙන් වලකින ලෙස ඔබට විශේෂයෙන් දන්වා සිටිමු)
- දරුවා ගේ නම හා පන්තිය ද , විෂය හදාරන මාධ්‍ය හා කාණ්ඩ විෂයන් නිවැරදිව A4 කොළ භාගයක ලියා ගෙන රැගෙන ආයුතුය.
- මේ පිලිබදව ඔබ දන්නා 10 හා 11 ශ්‍රේණිවල දරුවන් දැනුවත් කිරීමට කාරුණික වන්න.


0 Comments
ඔබ දක්වන ලද අදහස් වලට ස්තුතියි. තවදුරත් ඔබගේ වටිනා අදහස් අපට වැදගත් වේ. ඔබ තවදුරටත් අප හා එක්වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.