මිත්‍රත්වයේ දෙමාපියනි,
නිවසේ සිට ඔබගේ දරුවාගේ පළමු වාර පරීක්ෂණය නිසි අයුරින් පවත්වාගෙන යාම සදහා ඔබ දැක්වූ සහයෝගය අපි ඉතා ඉහලින් අගයන්නෙමු. ඔබගේ දරුවාගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාකර දීම සදහා අපි සුදානමින් සිටිමු. ඒ සදහා පහත උපදෙස් මත දරුවාගේ පිළිතුරු පත්‍ර පාසල වෙත ලැබීමට සලස්වන මෙන් දන්වා සිටිමු.
6 ශ්‍රේණි සමායෝජක වරුන්
- පෙර ඔබට ලබාදී ඇති උපදෙස් අනුව ඔබගේ දරුවාගේ පිළිතුරු පත්‍ර එක්රැස් කල කවරයේ මතුපිටින් පහත තොරතුරු ඇතුලත් කරන්න.
පැහැදිලි තොරතුරු ඇතුලත් කොලය පහත සබැදිය මගින් ලබාගන්න.
- ඉහත තොරතුරු සම්පුර්ණ කරන ලද පිළිතුරු පත්‍ර ගොනුව 2020 - 06 - 08 වන සදුදා පෙ.ව. 10.00 න් පසු පාසල් මුර කුටිය වෙත ලබාදීමට කටයුතු කරන්න.
- පිළිතුරු පත්‍ර භාර ගන්නා අවසාන දිනය 2020 - 06 - 13 වන සිකුරාදායින් අවසන් වේ.
- පිළිතුරු පත්‍ර භාර දුන් බවට එහි ඇති අත්සන් ලේඛනයේ තොරතුරු සම්පුර්ණ විය යුතුය. එසේ තොරතුරු සදහන් නොවන ලිපිගොනු සම්බන්ධයෙන් අප හට වගකීමක් ගැනීමට නොහැකි බව කරුණාවෙන් යුතුව මතක් කර සිටිමු.
- නිවැරදිව සකසන ලද දරුවාගේ පිළිතුරු පත්‍ර හැකි ඉකමනින් අප වෙත ලැබීමට සැලැස්වීමෙන් වඩා පහසුවෙන් හා කඩිනමින් ඔබගේ දරුවාගේ අධ්‍යාපන ප්‍රගතිය ඔබවෙත ලබාදීමට හැකිවනු ඇත.
- මෙම කාර්ය සාර්ථක කර ගැනීම සදහා මිත්‍රත්වයේ දෙමාපියනි ඔබගේ සහයෝගය අත්‍යවශ්‍ය බව තරයේ සිහි තබා ගන්න.
- ඔබ ප්‍රදේශයේ සිටිනා මිත්‍රත්වයේ දියණියන් මේ පිලිබදව දැනුවත් කිරීමට කාරුණික වන්න. එය මේ මොහොතේ අපට කළහැකි මහගු පින් කටයුක්තක් වනු ඇත.
- නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුව පාසල වෙත පැමිණීමට වග බලා ගන්නා ලෙස ඔබට මතක් කර සිටිමු.



0 Comments
ඔබ දක්වන ලද අදහස් වලට ස්තුතියි. තවදුරත් ඔබගේ වටිනා අදහස් අපට වැදගත් වේ. ඔබ තවදුරටත් අප හා එක්වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.